අත්‍යාවශ්‍ය සේවාවල නිරත පුද්ගලයින්ට සංචරණ සීමා පනවා ඇති අවස්ථාවේ රාජකාරී සඳහා ගමන් කිරීමේදී සිය රාජකාරී හැඳුනුම්පතට අමතරව සේවයට කැඳවීමට අදාළව ආයතන ප්‍රධානියාගේ ලිපියක් ළඟ තබා ගැනීම අවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
මෙම තීරණය ගනු ලැබුවේ අත්‍යාවශ්‍ය සේවා යනුවෙන් සඳහන් කරමින් ඉතා විශාල පිරිසක් අනවශ්‍ය ලෙස ගමන් බිමන් යාම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමෙන් පසුව බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ.
සංචරණ සිමා හේතුවෙන් විවෘතව තැබීමට අවසර හිමිවන්නේ ඖෂධ අලෙවිසැල් වලට පමණක් බවත් යම් අයෙකුට නිවසට ළඟම ඇති ඖෂධ අලෙවිසැල් වෙත යාමට අවසර හිමිවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.
එමෙන්ම සංචරණ සීමා පැනවීම නිසා සිදුකරනු ලබන ජංගම සේවා සැපයීමේ රථ සඳහා මෙම මස 31 වෙනිදා ලබාදී ඇති අවසර පත්‍රය ලබන ජුනි මස 07 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ.
මේ අතර ලබන ජූනි මස 02 වෙනිදා සිට රුපියල් 5,000 ලබා දීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කර සිටිනවා.
පවතින කොවිඩ් තත්ත්වය සහ සංචරණ සීමා හේතුවෙන් ආදායම් අහිමිවූවන්ට මෙම දීමනාව ලබාදීමට රජය තීරණය කර ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.
රජයෙන් යම් දීමනාවක් ලබන අයෙක් සිටි නම් ඔවුන්ගේ ආදායම රුපියල් 5000 අඩුයි නම්, එම දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. එමෙන්ම කොවිඩ් තත්ත්වය හමුවේ සහ පනවා ඇති සංචරණ සීමා නිසා ආදායම් මාර්ග අහිමි වුවන්ටද මෙම රුපියල් 5,000 දීමනාව ලබාදෙන බවයි ඔහු පැවසුවේ.
මෙවර රුපියල් 5,000 දීමනාව පවුල් ඒකක ලක්ෂ 60-65ත් අතර පිරිසකට ලබාදීමට සිදුවන බවත් මෙම දීමනාව පළමුව සමෘද්ධි හිමි පුද්ගලයින්ට ලබාදීම සිදුකරනු ලබන බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කර සිටියා.