මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඒ ඔහු ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාරවීමෙන් අනතුරුවයි.
මොරටුව ප්‍රදේශයේ ඊයේ (27) ක්‍රියාත්මක වූ එන්නත්කරණ වැඩසටහනක දී කලහකාරී ලෙස හැසිරීම සහ රාජ්‍ය සේවකයින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නගරාධිපතිවරයා එලෙස පොලීසියට භාර වී ඇති බව වාර්තා වේ.