කොළඹ වරායට නුදුරින් ගිනිගනිමින් තිබෙන MV pearl express නෞකාවේ බවට විශ්වාසකරන සුන්බුන් තොගයක්ම අද අලුයම මීගමුව සෙත්තපාඩුව වෙරළේ දී ධීවරයෙකු විසින් නිරීක්ෂණය කර තිබේ.
මේවා එම නෞකාවේ තිබී පිලිස්සී ගිය බහලුම් වල සුන්බුන් බවට සැක කරන බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
#Debris and cargo that were on board the #Container Vessel #XPressPearl have been spotted along the beach in the “Kapungoda ,Seththapaduwa” area in #Negambo by local #fishermen. A cargo container has also been spotted at around 4am in the same area. The fire continues. pic.twitter.com/IQlzrC9acq
— Kanchana Wijesekera (@kanchana_wij) May 26, 2021
අදාල මුහුදු ප්‍රදේශයේ භාණ්ඩ කන්ටේනරයක්ද පාවෙමින් තිබූ බව ධීවරයින් නිරීක්ෂණය කර ඇත.
මේවා විශ රසායන අඩංගු බැවින් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස උපදෙස් දී තිබේ.
නෞකාවේ ගින්න තවදුරටත් පැතිරෙන බවද වාර්තා වේ.