මීට වසර 12 කට පෙර මුරලි අයියා කියූ කතාව මගේ ඇස් පනාපිටම සනාථ වුනා – ධම්මික ප්‍රසාද් තැබූ සටහන

May 25, 2021 at 10:06 PM

මීට අවුරුදු 12-13ට පෙරදී මුරලි අයියා කියූ කථාව අද මගේ ඇස් පනපිටම සනාථ විය. මම ඔබ සමග තර්ක කලෙමි. නමුත් ඔබ මට වඩා කොපමණ ඉදිරියෙන් සිටිනා බව අද මට පසක් විය. ඔබගේ අනාගත වාක්‍ය සැබෑවක් විය.

අප ප්‍රථම වතාවට තරගාවලියක් පරාජයට පත් විය, දිනුම පැරදුම ක්‍රීඩාව තුල පොදුය. අපට පරාජය හුරුය. අප ඉපදී ලොකු මහත් වූ සේම, Bangladesh කණ්ඩායමද නාඹර වයසේ සිට යොවුන් වියට පැමිණ, පරිණත වීගෙන එමින් සිටි.

නමුත් අප පරිණත තත්වයේ සිට නැවතත් ගමන් කරමින් සිටිනුයේ කොයි බටද? මෙයට වග කිවයුත්තෝ කවරුන්ද?

එලෙසෙම මෙම කණ්ඩායම මෙයාකාරයෙන් දක්ෂතා දක්වනුයේ ජෙෂ්ටයන් සමගය, අප රටේ වයස අවුරුදු 32ට වැඩි වූ පසු ඔහු කණ්ඩායමට සුදුසු නැත, මෙය වෙනස් නොවන තාක් කල් අපට අපේ මේ ක්‍රීඩාව රැක ගත නොහැක.

තරුණයන් අවශ්‍ය, අනාගතය සුරක්ෂිත විය යුතුය, නමුත් හෙට ගැන සිතීමට ගොස් අද කුසගින්නේ සිටීම නුවණට හුරු නැත. එමනිසා වර්තමානය රැකගෙන අනාගතය සුරක්ෂිත කර ගැනීම ගැන අප සිත යොමු කල යුතුය.

අපට ක්‍රිකට් නැමති පල පිරිණු මහා වෘක්ෂයක් තිබිණි, එයින් අප මහත්සේ රසාස්වාදයක් වින්දෙමි, එම වෘක්ෂයේ පල නොදමන කල, එය කපා පොඩි පැලයක් සිටවුවොත් පල ලබා ගැනීමට කාලයක් බලා සිටීමට සිදුවේ. එමනිසා පල නොදමන හේතුව හොයා ගෙන පරණ ගසෙන්ම පලදාව ලබා ගැනීමට අප බුද්දිමත් විය යුතුය.

එමනිසා අනාගතය සුරක්ෂිත කිරීමට ගොස් අද සිටින තැන නැති කර ගත යුතු නැත. ක්‍රිකට් පරිපාලනයද, පරිපාලනයට සම්බන්දවී ඇති සියලකරේහිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ද, වර්තමාන ක්‍රීඩකයන් ද එක දිසාවකට හබල් ගැසිය යුතුය, එසේ නොමැති වූ කල ආදරයෙන් බැලීමට ඇති මේ ක්‍රීඩාව අපට අහිමිවී යනු ඇත.

එමනිසා ඕනෑම ආයතනයක නිෂ්පාදනය වැඩි කර ගැනීමට, එය සාර්ථකත්වයට පත් වීමට, කළමණාකාර මණ්ඩලය විසින් තම සේවකයින්ව හරි ආකාරව බල ගැනීම තුලින් තම ආයතනය, වියාපාරය සාර්ථකව ඉදිරියට රැගෙන යා හැක, එලෙසෙම ක්‍රීඩකයන් හා සමග සම්බන්දතාවය එලෙසම පවත්වා ගත හැකි වුවහොත් අපට ද එම දෙය අත් විදිය හැකි බව මාගේ විශ්වාසයයි.

අපට වඩා වටිනුයේ ක්‍රිකට්ය, ඕනිම කෙනකුට පුරසාරම් දෙඩවිය හැකිය, නමුත් එසේ කිරීමට පෙර දෙවරක් සිතිය යුතුය, අප සමු ගෙන අවසන්ය, නමුත් අපට වඩා දේවල් ක්‍රීඩකයන්ට ලැබිය යුතුය, එමනිසා කිසි විටක ඔවුන්ව පහලට ඇද නොදැමිය යුතුය, එමනිසා අපේ කාලේ මෙහම අපි කලේ, අපිට මේ දේවල් හම්බවුනේ, මේ දේවල් හම්බවුන් නැ කියා කියා සිටිනවාට වඩා, කාලයත් සමග හොද සිතින් ඉදියට ය යුතු බව මාගේ මතයයි.

අපට පවතින තත්වයන් මහා පරිමාණයෙන් වෙනස් කල නොහැක, තියන තත්වය තුල හරියාකාරව අප ගමන් කල යුතුය. ගොඩක් දේ ලිවීමට හිතුනත් අවංකවම කණ්ඩායමට 💯/💯 ලබා දුන් කෙනෙකු ලෙස මෙය වචන කරන ලදී එමෙන්ම හිතට ලොකු දුකක් නැගුන මේ මොහෙතේ මාගේ අදහස් වචනයට පෙරලෙන ලදී, මා පෙර පල කල ලිපිය බිලිබදව දැන්වත් අදහසක් ඇති වී යයිද විශ්වාස කරමි. ඔබට් සියලුම දෙනාට ජේසු පිහිටයි, තෙරුවන් සරණයි. ඔබගේ ආදරණිය ධම්මික ප්‍රසාද්. ස්තූතියි.