ගාල්ලේ ඔරුවක් පෙරළී සිසුවෙකු අතුරුදන්.! කාළගුණයෙන් රතුඑළි.

May 24, 2021 at 11:22 AM

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද (24) අළුයම ගාල්ල දෙවට මුහුදු තීරයේදි ඔරුවක් පෙරලියාමෙන් පාසල් සිසුවකු අතුරුදහන් වී ඔරුවේ සිටි තවත් දෙදෙනකු ගොඩට පිහිනා දිවි බේරාගෙන ඇති බව ගාල්ල වරාය පොලීසිය පැවසීය .

සිසුවා සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මේ අතර දිවයිනේ කාළගුණ තත්ත්වය සම්බන්ධයෙන් ද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කර ඇත.