කොළඹ යළිත් අවදානම්! දිස්ත්‍රික්ක කීපයකම ආසාදිතයින් තවදුරටත් ඉහළට.

May 22, 2021 at 9:29 AM

ගතවූ දිනයේ ත් ආසාදිතයින් 3538 දෙනෙකු වාර්තා වූ අතර ඒ අතුරින් වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ යි.

කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් මෙරට වැඩිම ආසාදිතයින් බවට පත් වූයේ දිනකීපයකට පසුව වීමත් විශේෂත්වයකි .

  • කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ
    නාරාහේන්පිට 73
    වැල්ලම්පිටිය 45
    අවිස්සාවේල්ල 61
    මහරගම 56
    පිලියන්දල 74

ලෙසයි.

මීට අමතරව

කලුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රදේශයෙන් දිවයිනේ වැඩිම පිරිසක් ආසාදිතයින් වී ඇත්තේ 124ක් වශයෙනි.

කුරුණෑගල ,මාවතගමින් 81කි.

අනුරාධපුරය ප්‍රදේශයේ 83ක් ද වාර්තා වී තිබේ.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ 79ක් හා ගාල්ල හබරාදුව ප්‍රදේශයේ 80ක් ද ආසාදිතයින් ඉහළ සංඛ්‍යාවක් වාර්තාකල ප්‍රදේශ බවට පත් ව ඇත.