කොවිඩ් මරණ 38ක් සහ ආසාදිතයින් 3443ක් වාර්තා වෙයි

May 21, 2021 at 9:03 AM

ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 38 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටිනවා. ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1089ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 3,443 දෙනෙකු වාර්තා වුවා. ඒ අනුව ආසාදිතයින් 3,000 සීමාව ඉක්මවා මෙරටින් වාර්තා වූ දෙවැනි දිනයයි.

ගතවූ පැය 24 වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සමග මෙරටින් හඳුනාගෙන ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ 54,786 ක්. එහෙත්, ඉන් එක් ලක්ෂ 23,532 ක් පූර්ණ සුවය ලබා අවසන්. තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 31,254 ක්.