මීලඟ නීතිපතිවරයා ලෙස වැඩ බලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාව පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කර තිබූ යෝජනාවට පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළ කළ බව බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසනවා.
මෙම තීරණය ගනු ලැබුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රමුඛත්වයෙන් අද (20) පාර්ලිමේන්තුවේදී පැවති පාර්ලිමේන්තු සභාවේදී.
මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ධිවර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් එක්ව සිටියා.