ගිලන්රථ වලට නොමිලේ අධිවේගී මාර්ග භාවිතා කිරීමට අවසර

May 20, 2021 at 3:02 PM

සියලු ගිලන් රථ සඳහා අධිවේගී මාර්ගය භාවිතා කිරීමේදී ගාස්තු අය නොකිරීමට තීරණය කර තිබෙනවා. මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කලේ පවතින කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි ඔහු කියා සිටියේ.

අද සිට නැවත දැනුම් දෙන තුරු අධිවේගී මාර්ග භාවිතා කිරීමේදී ගිලන් රථ සඳහා ගාස්තු අය නොකිරීමට තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

අධිවේගී මාර්ග භාවිතා කිරීමේදී මිට පෙර ගාස්තු අය නොකරනු ලැබුවේ ජනාධිපති සහ අගමැතිවරයා ගමන් කරන රථ පෙළ වලින් පමණයි.