අසාද් සාලි රෝහල් ගත කරයි

May 19, 2021 at 10:02 AM

පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දීම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග යටතේ තබා සිටින හිටපු ආණ්ඩුකාර අසාද් සාලි හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදී තිබෙන අතර තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.