රථවාහන නීති උල්ලංඝණය කරන අය අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය නව උපකරණයක් හඳුන්වා දී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ හෙරොයින්, ගංජා සහ මෙතම්ෆෙටමින් හෝ අයිස් වැනි මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් පසු රිය පදවනු ලබන පරීක්ෂා කිරීම සඳහා අධි තාක්‍ෂණික උපකරණයක් ලබාගෙන ඇති බවයි.
බස්නාහිර පළාතේ ජනතාව මෙම උපකරණ භාවිතයෙන් මුලින් අධීක්ෂණය කරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
නිශ්චිත වේග සීමාවෙන් ඔබ්බට රිය පැදවූවන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිවේගී මාර්ගවල ලේසර් තාක්‍ෂණය සහිත වේග මීටරයක් හඳුන්වා දී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේ.