පලස්තීන – ඊශ්‍රායල් ගැටුම ගැන ශ්‍රී ලංකාවෙන් නිවේදනයක්

May 17, 2021 at 8:03 PM

ඊශ්‍රායලයේ හා පලස්තීනයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

මේ වන විටත්, විදේශ අමාත්‍යවරයා කොළඹ සිටින ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපතිවරයා වෙත මීට දින තුනකට පෙර මෙම තත්වය පිළිබඳ දැඩි කනස්සල්ල සහ පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් සහ ජීවිත සුරැකීම සම්බන්ධයෙන් පවතින උනන්දුව පිළිබඳව දැනුම් දී තිබේ.

ගැටුම් නවතා සාමය යළි පිහිටුවන ලෙසත්, සිදුවෙමින් පවතින ප්‍රවණතා හේතුවෙන් පුළුල් කලාපය අස්ථාවර වීමේ තර්ජනයක් ඇති නොවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.