නිරෝධායන රීති උල්ලංඝණය කල 250 කට අධික පිරිසක් අත්අඩංගුවට

May 15, 2021 at 12:59 PM

නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 253 දෙනෙකු ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටිනවා.

ඒ අනුව මේ දක්වා නිරෝධායන රීති කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 9,282කි.

අද දිනයේදීත් ජනතාව නිවෙස්වලටම වී රැඳී සිටිය යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.

රෝහලකට යෑම හැරුණුකොට අද දිනයේත් හෙට දිනයේත් හැඳුනුම්පතේ අංක භාවිත කරමින් පිටතට පැමිණීමට හැකියාවක් නොමැති බවද අජිත් රෝහණ පැවසුවේ.