අන්තර් පළාත් දුම්රිය සේවය අවලංගු කෙරේ (UPDATE)

May 13, 2021 at 4:36 PM

පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණ ද රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවා සඳහා සේවකයින්ට ගමනා ගමනය සඳහා දුම්රිය වාර කිහිපයක් සේවයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙන බව මීට පෙර නිවේදනය කර සිටියා.

කෙසේ වුවත් දිවයින පුරා අද රාත්‍රී 11.00 සිට පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් එම විශේෂ දුම්රිය ධාවන කාල සටහන් හෙට සිට ලබන 16 වෙනිදා දක්වා බලනොපවැත්වෙන බව දුම්රිය දෙපාර්තම්න්තුව නිවේදනය කරසිටිනවා.

……………………………..

අන්තර් පළාත් අතර ධාවනය කෙරෙන විශේෂ දුම්රිය කාල සටහන

 

පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණ ද රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවා සඳහා සේවකයින් ට ගමනා ගමනය සඳහා දුම්රිය වාර කිහිපයක් සේවයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

එම දුම්රිය උප දුම්රිය ස්ථානවල එම දුම්රිය නැවැත්වීමක් සිදුනොවන අතර එම දුම්රිය වල ගමන්ගන්නා මගීන් සිය අනන්‍යතාව තහවුරු කළ යුතුවේ.

ඒ සඳහා සේවා හැඳුනුම්පත සහ ආයතන ප්‍රධානියාගේ ලිපිය භාවිත කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද සිට සේවයේ යොදවා තිබෙන දුම්රිය ගමන්වාර කාල සටහන පහතින් දැක්වේ :