අද දිනයේ සිට ලබන මැයි මස 31 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණරත්න කටයුතු කර තිබෙනවා.
ඒ අනුව හෙට දිනයේ සිට එක් දිනයකදී නිවසකින් පිටවිමට අවසර දී ඇත්තේ එක පුද්ගලයෙකුට පමණයි. එය තීරණය වන්නේ පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පතේ අංකයෙහි ඇති අවසාන ඉලක්කම අනුවයි. අවසාන ඉලක්කම ඉරට්ටේ නම් ඉරට්ටේ දිනවලද, එය ඔත්තේ අංකයක් නම් ඔත්තේ දිනවල ද නිවසින් බැහැරව යා හැකිය, අවසාන අංකය බිංදුව නම් එය ඉරට්ටේ අංකයක් ලෙස සැලකෙන අතර රාජකාරී කටයුතු සහ සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා මෙය අදාළ නොවන බවයි නව මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ.
සංචරණ සීමා පනවා නොමැති අවස්ථාවේදී මෙම හැඳුනුම්පතේ අවසන් අංකය අනුව නිවසින් බැහැරව යාම සිදුකළ හැක.
මේ අතර නැවත දැනුම් දෙනතුරු විවාහ මංගල උත්සව පැවැත්වීම තහනම් කර තිබෙනවා. කෙසේ වුවත් විවාහ ලියාපදිංචි කිරීම් පමණක් ලඟම ඥාතින් 15 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදුකළ හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ.