මෙරට සමස්ත කොවිඩ් මරණ 800ඉක්මවයි. ඉන් 100ක්ම ගතවු සතියේ.

May 10, 2021 at 7:05 AM

ගතවූ දිනය තුළ වාර්තා වූ කොවිඩ් ආශ්‍රිත මරණ 15ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 801ක් බවට පත් විය.

මේ අනුව 2020මාර්තු 29 දින මෙරටින් පළමු කොවිඩ් මරණය වාර්තා වීමෙන් පසු මාස 14ක් තුළ මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 800 ඉක්මවා ගියේය.

මරණ වාර්තා වීම අතුරින් ගතවූ සතිය විශේෂ වන්නේ එම මරණ සංඛ්‍යාවෙන් අටෙන් එකක් එනම් මරණ 105ක් ම ගතවූ සතියක් තුළ වාර්තා වීම නිසාවෙනි .

පසුගිය සඳුදා කොවිඩ් මරණ 13ක් වාර්තා විය.
පිලිවෙළින් කොවිඩ් මරණ 11,14,11,19,22 සහ ඊයේ මරණ 15ක් වාර්තා විය.

ඒ අනුව ගතවූ සතියේ සමස්තය 105කි.

මෙරටින් මෙතෙක් වාර්තා වූ දිනක වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වූයේද ගත වූ සතියේ වන අතර සෙනසුරාදා මරණ 22ක් වාර්තා විය.