බොරු ප්‍රචාර කළ Youtube නාළිකාවක් ගැන පරීක්ෂණ

May 1, 2021 at 1:26 PM

අද මධ්‍යම රාත්‍රියේ සිට එළෙඹෙන මැයි මස 17 වෙනිදා දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති බවට අසත්‍ය ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය වෙමින් ඇති බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මෙවැනි අසත්‍ය පුවත් වලට නොරැවටෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මහජනතාව ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ.