තවත් දිස්ත්‍රික් කිහිපයක ග්‍රාම සේවා වසම් 07ක් මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
යුද හමුදාපතිවරයා සඳහන් කළේ ඒ අනුව පිළියන්දල ප්‍රදේශයේ නාම්පමුණුව සහ ගොරකාපිටිය යන ග්‍රාම නිලධාරි වසම් මේ මොහොතේ සිට හුදකලා කරන බවයි.
එමෙන්ම අම්බලන්ගොඩ ප්‍රදේශයේ ගොඩහේන සහ තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරි වසම ද හුදකලා කර ඇත.
දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දෙහිඅත්තකණ්ඩිය සහ කදිරාපුර යන ග්‍රාම නිලධාරි වසම ද මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ.
එමෙන්ම රත්නපුර, කලවාන ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරි වසම ද හුදකලා කර ඇත.