කටාර් සිට ගෙන එන ලද රන් බිස්කට් හා ස්වර්ණාභරණ සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදී රේගු අත්අඩංගුව ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද ආවේක්ෂණ රාජකාරිවල ප්‍රතිඵලයක් ලෙස ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලය යොදා ගෙන රට තුළට රත්‍රං ජාවාරම් කිරීමේ උපක්‍රමයක් හඳුනා ගැනීමට හැකිව තිබේ.
ඒ අනුව අද දින දෝහා සිට පැමිණි මගියකු විසින් ගුවන් තොටුපලේ වැසිකිළියක් තුළදී ඉතා සූක්ෂ්ම ලෙස ගුවන් තොටුපොළ නඩත්තු සේවකයෙකු වෙත හුවමාරු කිරීමෙන් අනතුරුව නඩත්තු සේවකයා විසින් එම රත්‍රං තොගය තම ශරීරය තුළ සඟවා ගෙන ගුවන් තොටුපොළෙන් පිට කිරීමට සූදානම්ව සිටින අතරතුර ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි විය.
මෙම අත්අඩංගුවට ගන්නා ලද රත්‍රං තොගයේ කිලෝ 26කට ආසන්න රත්‍රං බිස්කට් හා ස්වර්ණාභරණ සොයා ගැනීමට හැකි විය.
මෙම රත්‍රං තොගයේ වෙළෙඳපොළ වටිනාකම, රුපියල් මිලියන 317ක් පමණ වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ නඩත්තු සේවකයෙකු සහ රත්තරන් තොගය ඔහු වෙත ලබා දෙන ලද සැකකාර ගුවන් මගියා ද අත්අඩංගුවට ගෙන තිබේ.