දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දමයි

April 25, 2021 at 8:15 PM

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමය සඳහන් කළේ අද සිට පැය 72ක කාලයක් සඳහා තාවකාලිකව වාසා දැමීමට තීරණය කළ බවයි.

පවත්නා කොවිඩ් -19 අවදානම හේතුවෙන් එම තීරණය ගත් බවද වෙළෙඳ සංගමය සඳහන් කර ඇත.