බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව අමුත්තන් සඳහා සති දෙකකට අත්හිටුවා තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පවසා සිටියේ රටේ පවතින කොවිව් ආසාදිතයින්ගේ ඉහළ යෑම හේතුවෙන් එම තීරණය ගත් බවයි.
ඒ අනුව හෙට (24) සිට සති දෙකක කාලයක් අමුත්තන් පෙන්වීම අත්හිටුවනු ලබයි.
මේ අතර ආපන ශාලාවලට මුදල් ගෙවා ආහාර පාන ලබාදීමේ කටයුතු එලෙසම ක්‍රියාත්මක බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.