කොළඹ දැඩි රථ වාහන තදබදයක් : දිස්ත්‍රික්ක කිහිපයකටත් තද වැසි

April 23, 2021 at 9:40 AM

අධික වර්ෂාවත් සමග කොළඹ නගරයේ ස්ථාන කිහිපයක රථවාහන තදබදයක් පවතින බවට වාර්තා වනවා.

කොළඹ නගරයට ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් බත්තරමුල්ල, රාජගිරිය සහ කොළඹ ආමර් වීදිය යන ප්‍රදේශවල දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇති බවයි වාර්තාකරුවන් සඳහන් කරන්නේ.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති වන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.