සමගී ජනබල පක්ෂයේ මන්ත්රී හරීන් ප්රනාන්දු ප්රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක් සිදුකර තිබෙනවා.
මේ වන විට හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබන මන්ත්රීවරයාට අදාළ කැඳවීම සහිත නියෝගය ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.
2019 වර්ෂයේදී එල්ලවූ පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරයන් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා මන්ත්රීවරයාට එලෙස කැඳවීමක් සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්රී පාඨලී චම්පික රණවක සඳහන් කළේ මන්ත්රී හරීන් ප්රනාන්දු අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බවයි.