පාස්කු ප්‍රහාරය එල්ලවී අදට වසර 02යි

April 21, 2021 at 8:25 AM

පුද්ගලයින් 269 දෙනෙකුට මරු කැදවූ පාස්කු ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණය අදට යෙදී තිබෙනවා.

2019 අප්‍රේල් 21 වනදා උදෑසන මෙරට කතෝලික දේවස්ථාන 3 කට සහ කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් 3 ක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 269 ක් මියගොස් 500 කට අධික පිරිසක් තුවාල ලැබුවා.

එම ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් සිහිපත් කරමින් අද උදෑසන 08.45 ට විනාඩි 02 ක නිහඬතාවයක් පවත්වන බවයි අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් සදහන් කළේ.

ප්‍රධාන දේව මෙහෙය කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවැත්වෙනවා.

පාස්කු ප්‍රහාරයට වසර දෙකක් සපිරෙන අද දිනයේ කතෝලික දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.