රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ගේ පුත් රඛිත රාජපක්ෂ රුපියල් ලක්ෂයක පුද්ගලික ඇප මත නිදහස් කර තිබෙනවා.
ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්තුමා විසින් රෝහලට පැමිණ සැකකරු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.
රාජගිරිය ගුවන් පාලම ආසන්නයේදී ඊයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.