කංසා අපනයනය කරන්න අවසර දෙන්න : බාර් පාන්දර 01 වෙනකන් ඇරලා තියන්න – මන්ත්‍රී ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී කියයි (VIDEO)

April 20, 2021 at 5:02 PM

මෙරට හෝටල්වල ඇති තැබෑරුම් රාත්‍රී 1.00 දක්වා විවෘත කොට තැබීමට අවසර ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම මෙරට සියලුම තැබෑරුම් උදෑසන 9.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘත කොට තැබිය යුතු බවත් බලපත්‍ර ලබාදී මෙරට වගා කරනු ලබන “කංසා” විදෙස් රටවල් වලට අපනයනය කිරිමට අවසර ලබාදිය යුතු බවද ඇය පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් කියා සිටියේ.

රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න නම් සුරාබදු පනත් සංශෝධනය කළ යුත්තේ මේ අයුරින් බවත් ඒ හරහා රටේ ආර්ථිකය දියුණු කළ හැකියි බවද ඇය මෙහිදී සඳහන් කර සිටියා.