රිය අනතුරක් සිදුකළ මන්ත්‍රී විජයදාස ගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට

April 20, 2021 at 2:51 PM

වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරක් සිදුකොට පලා ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රී පුත්‍රයා පැදවූ මෝටර් රථය ඊයේ රාත්‍රී 10.45 පමණ වැලිකඩ දී මෝටර් රථයක ගැටී ඇති අතර එම අනතුරින් ගැබිනි කාන්තාවක ඇතුළු සිවු දෙනකු තුවාලබා ඇතැයි පොලිසිය සඳහන් කලේ.