නාගරික මන්ත්‍රිවරිකට පහරදුන් තවන් මන්ත්‍රීවරියක් අත්අඩංගුවට

April 19, 2021 at 2:09 PM

 

මහරගම නගර සභා මන්ත්‍රීවරියකට පහරදීමේ සිද්ධියක් සමබන්ධයෙන් එම නගර සභවේ තවත් මන්ත්‍රීවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පහරදීම ඉකුත් 15 වෙනිදා සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීම සිදුකළ බව කියන සැකකාරිය මේ වන විට නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

පහරකෑමට ලක්වූ නගර සභා මන්ත්‍රීවරිය මේ වනවිට ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.