පාස්කු ඉරිදා ප්‍රහාරය දෙවර්ෂ පුර්ණය හේතුවෙන් කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

April 19, 2021 at 8:51 AM

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වසර දෙකක් ගත වෙන ලබන 21 වෙනිදා දින දිවයින පුරා කතෝලික දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙස පොලිස් මුලස්ථානය විසින් සියලුම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව දිවයිනේ සෑම කතෝලික දේවස්ථානයකම මෙම විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ලෙස ප්‍රාදේශීය පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී ඇති බවත් ලබාදෙන ආරක්ෂාව සම්බන්ධයෙන් ජේෂ්ඨ නිලධාරීන් සෘජුව අධීක්ෂණය කළ යුතුව බවටද පොලිස් මුලස්ථානය විසින් උපදෙස් ලබාදී ඇත.

මේ අතර කොටහේන කොච්චිකඩේ දේවස්ථානයේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූ ජනතාව වෙනුවෙන් පවත්වනු ලබන විශේෂ දේව මෙහයක් හේතුවෙන් හෙට දිනයේ සිට විශේෂ රතවාහක සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර සිටිනවා.

එම විශේෂ රථවාහන සැලැස්ම පහතින් දැක්වේ.