ගතවූ දින 05 තුල රිය අනතුරු වලින් පුද්ගලයින් 52ක් ජිවිතක්ෂයට

April 18, 2021 at 9:31 AM

රිය අනතුරු හේතුවෙන් දින 5 ක් තුළ පුද්ගලයින් 52ක් මියගොස් ඇති බව
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටිනවා.

එම කාලසීමාව තුළ රිය අනතුරු 399 ක් වාර්තා වී ඇති බවත් පුද්ගලයින් 669 දෙනෙකු අනතුරු හේතුවෙන් තුවාල ලබා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම බිමත්ව රිය පැදවූ රියැදුරන් 1834 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.