බේකරි සහ බිස්කට් නිෂ්පාදකයින්ට පාම් තෙල් බලපත් ක්‍රමයක් !

April 7, 2021 at 1:01 PM

බලපත්‍ර ක්‍රමයක් යටතේ මෙරට බිස්කට් සහ බේකරි කර්මාන්ත සඳහා පාම් තෙල් හිඟයකින් තොරව සැපයීමේ ක්‍රමයක් හඳුන්වා දෙන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් පාම් තෙල් ආනයනය අත් හිටුවීමට උපදෙස් දුන් පසු අදාළ කර්මාන්ත කඩා වැටෙන බවට පළවන මත වලට පිළිතුරු දෙමින් ඔහු අද පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.