ප්‍රක්ෂේපිත මාතෘ මරණ සංඛ්‍යාව පාලනය කර ගනිමින් ලංකාව කොවිඩ් පාලනයේදී ඉහළ සාර්ථකත්වයක් අත් කරගෙන ඇතැයි යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත එමා බ්‍රිගම් මහත්මිය පවසයි.
අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළාය.
ගණනය කිරීම් වලට අනූව 2020දී දකුණු ආසියාතික රට වල ළමයි 228,000ක් හා කාන්තාවන් 11,000ක් 2019දී සිදුවුණු මරණ වලට වඩා වැඩියෙන් මියයන බව ප්රක්ෂේපණය කරනු ලැබුවා. එනම් කොවිඩ් වසංගතයේ බලපෑම් නිසා වැඩිපුර සිදුවන මරණ ලෙස මෙම මරණ අනුමාන කරනු ලැබුවා.
ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාවේදී වැඩිපුරම අවධානයට ලක්වූ කාරණාව වන්නේ 2020 වසරේදී විය හැකියැයි ඇස්තමේන්තු කළ මාතෘ මරණ සංඛ්‍යාවයි. ගණිතමය ආකෘතියකට අනූව සිදුකළ ඇස්තමේන්තුව අනූව 2020 ජනවාරි මාසයේ සිට 2021 ජූනි මාසය දක්වා කාලසීමාවේදී 2019ට වඩා වැඩිපුර මාතෘ මරණ 20ක් සිදුවිය හැකි බවට ඇස්තමේන්තු කර තිබුණා
“මෙම වාර්තාව නිකුත් වීමෙන් පසුව නැවතත් ශ්‍රී ලංකාවේ දත්ත භාවිතා කර ප්‍රක්ෂේපණයන් සිදුකරන ලද අතර මෙම ප්‍රක්ෂේපිත අගයන් කලින් අගයන්ට වඩා ඉතාමත් ධනාත්මක බවක් පෙන්නුම් කළා. 2020 ජනවාරි සිටි 2021 ජූනි දක්වා කාලසීමාව තුළ 2019ට වඩා එක් මාතෘ මරණයක් පමණක් වැඩිවන බව පෙන්නුම් කළා.”
එමා මහත්මිය පැවසුවාය.