51 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය බ්‍රහස්පතින්දා තායිවානයේ සිදුවූ මාරක දුම් රිය අනතුරේ වගකීම භාරගනිමින් එරට ප්‍රවාහන අමාත්‍ය වරයා සිය ඉල්ලා අස්වීම භාරදී තිබේ.
අමාත්‍ය ලින් චියා ලුන්ග් අදාල අනතුර සිදුවූ ස්තානය නිරීක්ෂණයට ද පැමිණියේය.

කෙසේ වෙතත් තායිවාන අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ මේ මොහොතේ ගලවා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා සඳහා වැඩි අවධානයක් යොමුකළ යුතු පසුබිමක තායිවාන ප්‍රවාහන අමාත්‍යවරයාගේ ඉල්ලා අස් වීම පිළිනොගන්නා බවයි.


“අදාළ කටයුතු අවසන් වීමෙන් පසුව වුවත් මා ගේ වගකීම සම්බන්ධයෙන් කැප වීමට සූදානම්”
ප්‍රවාහන අමාත්‍යවරයා ඉන් පසුව මාධ්‍යට සඳහන් කර තිබේ.
