දැනට අවසන් වී තිබෙන අ.පො.ස. උසස් පළෙ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස අවසානයට පෙර ලබා දීමට හැකිවනු ඇති බවත්, ඒ අනුව එම දරුවන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ ප්‍රමාදයක් සිදු නොවනු ඇති බවට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර් ය ජී.එල්.පීරිස් ප්‍රකාශ කර සිටිනවා. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ අද දින මහනුවර ගලගෙදර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
” අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජුනි මාසය වන විට ලබා දීමටත් ජූලි මාසයේ උසස් පෙළ සඳහා පන්ති ආරම්භ කිරීමටත් හැකිවෙයි කියා අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යන්නට සිසුන්ට හැකි වේවි. විශ්වවිද්‍යාල සම්බන්ධව දැනට සම්පූර්ණයෙන් ම තිරණයක් ගත නොහැකි නේවාසිකාගාර සම්බන්ධ ගැටලුව නිසයි. මේ පිළිබඳ විසඳුමක් ඉතා ඉක්මනින් ලබා දෙන්නට කටයුතු කරනවා. හැකි ඉක්මනින් විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා කටයුතු කරනවා. විශේෂයෙන් ම එම ප්‍රජාවට එන්නත් ලබාදීමේ හැකියාව පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. හැකි ඉක්මනින් විශ්වවිද්‍යාල පටන් ගත යුතුයි.
ඒවගේම තමයි මේ පොල්තෙල් සම්බන්ධ ගැටලුව. මේ සම්බන්ධ විභාග කරන්න ඕනේ කියලා මුලින් ම කිවුවේ රජය විසින්මයි. ඒ තුළින් ලකුණු දා ගැනීමට වෙනත් වෙනත් අය උත්සාහ ගන්නවා. නමුත් කවුරුවත් සොයා දෙන්න අවශ්‍ය නැහැ. රජය තමයි මුලින් ම මේ ගැන සොයා බැලුවේ. යම්කිසි ගැටලුවක් තිබෙනවා නම් ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වලා නියම තත්වය කුමක්දැ යි සොයා ගත යුතුයි. අනෙත් කාරණය තමයි රේගුවට ගබඩා නැහැනේ. ඒ නිසා තමයි රේගුවෙන් එම අපනයන ආයතනයේ ගබඩාවට ඒවා යැවුවේ. එහෙම යවලා ඒවාට සීල් තියනවා. වෙළඳපොළට නිදහස් කරන්න කිසිසේත්ම බැහැ. එහෙම කරපු අයට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා” යැයි අමාත්‍යවරයා සඳහන් කර සිටියා.