සැකකටයුතු පොල්තෙල් බව්සරයක් දඹුල්ලෙන් සොයා ගැනේ

April 2, 2021 at 8:07 AM

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිටුපස පෞද්ගලික ගබඩාවක් තුළ නවතා තිබු සැකකටයුතු පොල් තෙල් අඩංගු කන්ටේනර් රථයක් දඹුල්ල පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට ලැබුණු තොරතුරක් මත දඹුල්ල පොලීසියේ කණ්ඩායමක් විසින් පොල් තෙල් අඩංගු එම කන්ටේනර් රථය ඊයේ රාත්‍රියේ පරීක්ෂා කළ බව අප වාර්තාකරු සඳහන් කළේ.

එම පොල් තෙල් තොඟය මිනිස් පරිභෝජනයට සුදුසු ද යන්න තහවුරු කර ගැනීම සඳහා අද දින සෞඛ්‍ය අංශ විසින් පරීක්ෂා කිරීමට නියමිතය.

අදාළ පොල් තෙල් තොඟය ප්‍රවාහනය කිරීමට හෝ ඒවා ගබඩා කිරීමට ලබාදුන් නීත්‍යානුකූල අවසරයක් පත්‍රයක් හෝ කිසිදු ලියකියවිල්ලක් නොමැති බවද දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත ප්‍රකාශ කළේ.