“සැන්ඩෝට” පීඩා කළ සෆාරි ජීප් රියදුරුට 25,000ක දඩයක්

April 1, 2021 at 7:58 PM

යාල ජාතික උද්‍යානයේ වෙසෙන සැන්ඩෝ නම් ඇතාට පීඩාකාරී වන ලෙසින් ඌ පසුපස ජීප් රථයක් ධාවනය කළ රියදුරු රුපියල් 25,000ක දඩයක් මත මුදාහැර තිබේ.

අද දින තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජීප් රථ රියදුරු එලෙස මුදාහැර ඇත.

සෆාරි ජීප් රථ රියදුරු ඇතාගේ පසුපසින් හඹා ගොස් ඇතා පීඩාවට පත්වෙන අයුරින් වාහනයේ නලාව නාද කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය විය.