පාසැල් අච්චු පොත කොටස් තුනකට කඩන නව අධ්‍යාපන ක්‍රමවේදය ගැන හෙළිදරව්වක් (VIDEO)

April 1, 2021 at 7:09 PM

වසර පුරාම එකම අච්චු පොත ගෙනියන්න අවශ්‍ය නොවන බවත් අච්චු පොත වාර තුනට හරියන ලෙස වෙන් කිරීමක් සිදුකිරීමට කටයුතු යොදන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසනවා.

” ළමුන් ජනවාරි මාසයේ දී බෑගයට දමා ගන්න පොත වසරක කාලය පුරාවටම අරගෙන යනවා. නව ක්‍රමවේදය අනුව මෙය වෙනස් වෙනවා. අපි අත්‍යාවශ්‍ය ඉගෙනුම කියලා සියයට 50ක් වෙන් කරනවා. ඉන් පසුව සියයට 10ක් වෙන් කරනවා ක්‍රීඩා සඳහා. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අධ්‍යාපන අමාත්‍යාංශය කරපු සමීක්ෂණයකින් හෙළිවෙලා තිබෙනවා කුඩා කාලයේදීම ළමුන් දියවැඩියාව වගේ රෝගවලින් පෙළෙනවා කියලා. අපි රටට හදන්න ශ්‍රම බලකායක් මිසක් රෝගී බලකායක් නෙමෙයි. නව අධ්‍යාපන ක්‍රමයේ ඉතිරි සියයට 40 අපි වෙන් කරනවා වෛකල්පිත අධ්‍යන ක්‍රමයකට යොමු කරනවා. මෙහිදී කරන්නේ ළමුන්ට උගන්වනවා නෙමේ ඔවුන් තමන්ගේ කැමැත්ත අනුව ඉගෙන ගන්නවා.