ගම්පහ දිස්ත්‍රික්කය යනු ණයට හුස්ම ගන්නා දිස්ත්‍රික්කයක් බව දිස්ත්‍රික් අඩවි වන නිලධාරිනි දේවානි ජයතිලක පවසනවා. එම ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ඇය මේ බව සඳහන් කර සිටියා.
” වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව අනුව ගම්පහ කැලෑ නෑ කියලයි කියන්නේ. ගම්පහ ඇති සමස්ත වනගහණය සීයයට 1.6ක්. වැඩිම ජනගහණයක් ඉන්නේ ගම්පහ වගේම වැඩිම කර්මාන්තශාලා ප්‍රමාණයක් තියෙන්නේ මේ දිස්ත්‍රික්කයේ. මේ ක්‍රියාකාරකම් එක්ක පරිසරයට මුදාහැරෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩියි.
මේ නිසා ගම්පහ තියෙන ගස් ප්‍රමාණය අඩු නිසා ඔක්සිජන් ප්‍රමාණය හිඟ නිසා රටේ අනෙක් පළාත්වලින් ලැබෙන ඔක්සිජන් නිසයි මිනිස්සු හුස්ම ගන්නේ. සත්‍ය වශයෙන්ම කිව්වොත් ගම්පහ දිස්ත්‍රික්කය හුස්ම ගන්නේ ණයට” ඇය මෙහිදී කියා සිටියේ.