බෝපත්තලාව රජයේ සත්ව ගොවිපොළ තුළ මන්දකට හසු වී සිටිය දී මුදවාගත් කඳුකර කොටියා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබේ.
වනජීවි දෙපාර්තුමේන්තුවේ පශු වෛද්‍ය අධ්‍යක්ෂක තාරක ප්‍රසාද් මහතා සඳහන් කර සිටියේ, මන්දට හසු වී සිටි කොටියාගේ උදරය ප්‍රදේශයට දැඩි ලෙස තුවාල සිදුව තිබු බවය.
අවුරුදු 10 පමණ වයසැති අඩි 8 පමණ දිගකින් යුත් හොඳින් වැඩුණු කඳුකර කොටියා පිරිමි සතෙකු වන අතර, පසුගිය මාර්තු 24 වන දින බෝපත්තලාව මැණික්පාලම ප්‍රදේශයේ රක්ෂිතයේ දඩයම්කරුවන් විසින් අටවා තිබු මන්දකට හසු ව තිබුණි.
පසුව කොටියා ව නිර්වින්දනය කර රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර කරමින් සිටිය දී එලෙස මියගොස් තිබේ.