වැඩිම අනතුරු වන කාල සීමාව ගැන පොලිසියෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්

April 1, 2021 at 11:14 AM

ශ්‍රී ලංකාවේ වැඩිම රිය අනතුරු සිදුවන මාසය ලෙස අප්‍රේල් මාසය හැඳින්විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ඉන් අප්‍රේල් 10 වනදා සහ 20 වනදා අතර කාලය මෙරට වැඩිම රිය අනතුරු වාර්තාවන කාලය බවද ඔහු පැවසුවේ.

මේ හේතුවෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පදිකයින්ගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

මේ අතර ඊයේ සිදුවූ රිය අනතුරුවලින් 5 දෙකෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.