යාපනයේ සිට අමෙරිකාවේ බැංකුවලින් මුදල් ඉස්සු පුද්ගලයෙකු CID අත්අඩංගුවට

March 31, 2021 at 11:29 AM

අමෙරිකාවේ පිහිටි බැංකු ගිණුම්වලට අනවසරයෙන් ඇතුළුවී එම බැංකු ගිණුම්වල තිබු මුදල් සොරකම් කළ පුද්ගලයෙකු චාවකච්චේරි ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ සිද්ධිය සම්බන්ධයෙන් 41ක් හැවිරිදි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුගේ නමට අයත් බැංකු ගිනුමක තිබි රුපියල් මිලියන 13.4ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අමෙරිකාවේ සිටින පුද්ගලයෙකු ගේ සහය ඇතිව මෙම සැකකරු අමෙරිකාවේ පිහිටි බැංකුවලින් අයථා ලෙස මුදල් වංචා කිරීම සිදුකර ඇති බවයි.

මෙම වංචා කටයුත්තට උපකාර කළ පුද්ගලයාට මොහු විසින් කොමිස් මුදලක් ලබාදී ඇති බවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ෂණ වලදී හෙළිව ඇත්තේ.

ඉකුත් වර්ෂයේ අප්‍රේල් මාසයේ සිට මේ අයුරින් වංචා කළ රුපියල් මිලියන 140ක මුදලක් මෙරට බැංකු ගිණුම් වෙත ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ දක්වා සැකකරුවන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.