සහකාර පොලිස් අධිකාරිගේ ස්ථාන මාරුවීම ගැන රාජ්‍ය ඇමති යැවු ලිපිය හිටපු ආණ්ඩුකාරවරයෙකු පළකරයි

March 30, 2021 at 6:59 PM

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ස්ථාන මාරුවිමකට ලක් කරන ලෙස ඉල්ලා පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන රාජ්‍ය අමාත්‍යවරයෙකු විසින් යොමු කරන ලද ලිපියේ පිටපතක් හිටපු ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන් විසින් පලකර තිබෙනවා.

සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පළකර ඇති එම ලිපිය මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර ගේ නමට යොමු කොට තිබෙනවා.

නීතිවිරෝධී මත්පැන් පාලනය කිරීම සඳහා මෙම සහකාර පොලිස් නිලධාරිවරයා විසින් එම චෝදනාවට අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන්ව හෙරෝයින් මත් කුඩු දමා සාදාගත් චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සිදුකිරීම කරන බවත් සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාශයේ හෙරෝයින් හා පාතාල සාමාජිකයින් සමග සමීප සම්බන්ධකම් පවත්වාගෙන යන නිලධාරියෙක් බවටද එම ලිපියෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු කරුණු දක්වා තිබෙනවා.

කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර සඳහන් කර සිටියේ වෙන්නප්පුව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා ගේ උපන් ගම බවත් ඔහු සම්බන්ධයෙන් විවිධ කරුණු වාර්තා වූ බව පැවසූ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන බව සඳහන් කර සිටියා. එමෙන්ම සහකාර පොලිස් අධිකාරිවරයාගේ ඉල්ලීම මත ඔහුව මේ වන විට මිගමුව ප්‍රදේශයට ස්ථාන මාරුකර යවා ඇති බවයි මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරයා කියා සිටියේ.

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු විසින් යවනු ලැබු බව කියන ලිපිය පහතින් දැක්වේ.