නිල ඇඳුම අවභාවිතා කර සිදුකරන පොලිස් පහරදීමකදී පුරවැසියෙකුට ආත්මාරක්ෂාවට ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකිද ? (VIDEO)

March 30, 2021 at 11:14 AM

නිල ඇඳුම අවභාවිතා කර සිදුවන පොලිස් පහරදීමකදී පුරවැසියෙකුට සිය ආත්මාරක්ෂාව වෙනුවෙන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ඔහු සඳහන් කළේ දණ්ඩ නීති සංග්‍රහයේ 92 සහ 93 යන ප්‍රතිපාදන යටතේ යම් පුද්ගලයෙකුට සිය ආත්මආරක්ෂාව සහ ජිවිතාරාක්ශාව සඳහා ක්‍රියා කළ හැකි බවයි.

” පොලිස් නිලධාරියෙකු ගේ ක්‍රියාවට ප්‍රතිරෝධය නොපාන අවස්ථාවක, තමන්ගේ අතේ ආයුධයක් හෝ වෙනත් දෙයක් නොමැතිවිටකදී මෙවැනි පහරදීමක් සිදුවන විට තමන්ගේ ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කිරීමට ඕනෑම පුද්ගලයෙකුට අයිතිය තිබෙනවා. නීතිය සෑම දෙනාටම ඒකාකාරයි” නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියා.

පන්නිපිටියේදී සිදුවූ සිදුවීමේදී පොලිස් නිලධාරියාගේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ඔහුට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටිනවා.