මේ රජය කරන වන විනාශයට අපි විරුද්ධයි : මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් (VIDEO)

March 29, 2021 at 7:48 PM

මේ රජය කරන වන විනාශයට අපි සම්පූර්ණයෙන් විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සඳහන් කර සිටිනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටින්නේ මේ වන විට විපක්ෂයෙන් පමණක් නොව රටේ ආගමික නායකයින්, විවිධ පුද්ගලයින් සහ වත්මන් රජය බලයට ගෙන ඒමට කැපවූ ආගමික නායකයින් පවා මේ වන විට සිදුවන වන විනාශයට එරෙහිව හඬ නගන බවයි.

තමන් වන විනාශය සිදුකළ බවට එල්ලවූ චෝදනා සැලසුම් සහගතව එල්ලවූ එකක් බවත් ඒ සඳහා මෙරට ප්‍රධාන මාධ්‍ය නාලිකා සම්බන්ධ බවත් අදාල තින්දුවට එරෙහිව අධිකරණය හමුවේ අභියාචනා කොට ඇති බවයි මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේ.