ටොන් දෙලක්ෂ විසිහතර දහසක බහලුම් රැගෙන යාත්‍රා කරද්දී සූවස් ඇළේ සිරවූ නෞකාව මුදාගැනීමට තවත් දින කීපයක් හෝ ඇතැම් විට සතියක් පමණ කල් ගතවනු ඇතැයි ඊජීප්තු බලධාරීන් පවසයි.
මේ වනවිට සූවස් ඇළමාර්ගයට නෞකා ඇතුළු කිරීම අත් හිටුවා තිබේ.
පසුගිය අඟහරුවාදා මෙම නෞකාව සූවස් ඇළේ සිරවූයේ හදිසියේ ඇති වූ වැලි කුණාටුවක් හේතුවෙනි.
නැව මුදා ගැනීමට නම් වැලි කියුබික් මීටර් 20,000ක් පමණ ඉවත් කිරීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ එම නෞකාවේ දර්ශනයි
VIDEO: A giant container ship, almost as long as New York's Empire State Building is high, got stuck during a sandstorm in Egypt's Suez Canal, causing a traffic jam of cargo ships through one of the world's busiest shipping lanes pic.twitter.com/tsTcKeafXb
— AFP News Agency (@AFP) March 26, 2021
මේ වන විට සූවස් ඇල ආශ්‍රිතව නෞකා රැසක්ම රැඳී සිටින අතර ලොව නාවික ප්‍රවාහනයෙන් දහයෙන් එකක ගමනාගමනය සිදුවන්නේ සූවස් ඇළ හරහායි.