කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති ඛනිජ වැලි සංස්ථාවේ කෝටි ගණනක වංචාවක් ! අමාත්‍යංශ ලේකම් අනුෂ පැල්පිටගෙන් කෝප් කමිටුව වාර්තාවක් කැඳවයි

March 26, 2021 at 6:40 AM

ටොන් එකක් සඳහා  ඇමෙරිකානු ඩොලර් 18 ක පාඩු පිට ඉල්මනයිට් ඛනිජ වැලි ටොන් 85000ක් අලෙවි කිරීමක් පිලිබඳව කෝප් කමිටුවේදී හෙලිවී ඇත.

මෙම වංචාව සිදුව ඇත්තේ 2020වසරේදීය.

එම ගනුදෙනුවට අදාලව ටොන් 20000ක මුදල් ද තවමත් ගෙවා නැතැයි හෙළිවී තිබේ.