කොවිෂිල්ඩ් එන්නත අපනයන ඉන්දියාව තාවකාලිකව අත්හිටුවයි

March 25, 2021 at 9:50 AM

ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් ආසාදනය වළක්වන එන්නත, අපනයනය තාවකාලිකව නැවැත්වීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

ඉන්දියාව මෙසේ තීරණය කර ඇත්තේ එන්නත සම්බන්ධයෙන් පවතින ඉහළ ඉල්ලුමත් එම ඉල්ලුමට සරිලන ආකාරයට එන්නත් නිෂ්පාදනය කිරීම කළ නොහැකි තත්ත්වයක් උදා වීම හේතුවයි.

මේ වනවිට ඉන්දියාවේ දෛනික ආසාදිතයන් ගණන ඉතා වේගයෙන් ඉහළ යමින් පවතින බැවින් අවුරුදු 45 ට වැඩි ඉන්දියානුවන් සැමට ද එන්නත් ලබා දීමට සෞඛ්‍ය අංශ නිර්දේශ මත රජය තීරණය කර තිබේ.

ඉන්දියානුවන්ට ද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා අවශ්‍යවීම නිසා විදේශවලට එන්නත් විකිණීම තාවකාලිකව නවත්වන බව ඉන්දීය රජය පැහැදිලි කර තිබේ.

ඉන්දියාවමේ වන විට රටවල් 76 කට එන්නත් මාත්‍රා මිලියන 60 කට වඩා අපනයනය කර ඇති අතර ඉන් බහුතරය ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නතයි.