විදේශ රටවලින් පැමිණි 40 කට කොරෝනා : ත්‍රිකුණාමලයෙන් ආසාදිතයින් 52ක්

March 23, 2021 at 9:46 AM

ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 314 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. මේ අතර ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 40 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වනවා.

ඊයේ දිනයේදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වූ 52 දෙනා වාර්තා වන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙනි. ඊට අමතරවා කළුතර දිස්ත්‍රික්කයෙන් 30 දෙනෙක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 29 දෙනෙක් වශයෙන් ආසාදිතයින් හඳුනාගෙන ඇත.

ඉතිරි ආසාදිතයින් 163 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.

මෙරට කොරෝනා දෙවන රැල්ලට අදාළ ආසාදිතයින් සංඛ්‍යාව 85,904ක් වන අතර සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 90,514 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා මරණ 5ක් වාර්තා වී තිබෙන අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 551ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ.