කෙසෙල් ගෙඩියක මිල වැඩිබව පවසමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පාරිභෝගිකයෙකු විසින් හෝටල් සේවකයෙකුට එල්ල කළ බෝතල් පහරකින් එම සේවකයා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
කෙසෙල් ගෙඩියක් මිලදී ගැනීම සඳහා කුරුණෑගල පැරකුම්බා වීදියේ හෝටලයකට පැමිණි පාරිභෝගිකයෙකුට වෙළෙඳ සැල් හිමියා පවසා ඇත්තේ එහි මිල රුපියල් 30ක් බවයි.
ඒ බව අසා දැඩි ලෙස උරන වූ අදාළ පුද්ගලයා, හෝටල් හිමියා සහ සේවකයින් සමඟ බහින්බස් වීමක් ඇති කර ගන්නා අතර, පසුව ප්‍රචණ්ඩ ලෙස හැසිරෙමින් ඔවුන්ට පහරදීමට උත්සහා දරා තිබෙනවා.
මෙහිදී හෝටලයේ සේවකයින් පහරදීමෙන් බේරීම සඳහා දිව යන අතර කිහිපදෙනෙකු අසල පිහිටි දුරකථන වෙළෙදසැලකට ඇතුල්වන අයුරු දක්නට ලැබුනා. මෙහිදී පහරදීම සිදුකළ පුද්ගලයා එම ස්ථානයේදී හෝටල් සේවකයෙකුට බිර බෝතලයකින් ඇන ඇති අතර ඔහුව රෝහල් ගත කරන විටත් ජිවිතක්ෂයට පත්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.
එම සිදුවීම් පෙළ පහතින් දැක්වේ,