පස්සර අනතුරට සම්බන්ධ බස් රථයේ සහ ටිපර් රථයේ රියදුරු රිමාන්ඩ්

March 21, 2021 at 5:32 PM

පස්සර – ලුනුගල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේදී පුද්ගලයින් 14 දෙනෙකුට මරු කැඳවමින් ඊයේ සිදුවූ මාරක බස් අනතුර සම්බන්දයෙන් අත්අඩංගුවට ගනු ලැබූ බස්රථයේ රියදුරා සහ ටිපර් ලොරි රථයේ රියදුරා ලබන 25 වනදා රක්ෂිත බන්ධනාගර ගත කරන ලෙසට බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් සුජීවන සිල්වා මහතා අද (21) නියෝග කර සිටියා.

මගීන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්කරමින් තවත් මගීන් පිරිසකට තුවාල සිදුකරමින් අපරික්ෂා කාරි ලෙස රිය පැදවීම හා අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනා සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරා බදුල්ල මහ රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටියදීම පස්සර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා බදුල්ල මහ රෝහලට ගොස් ඔහු පරීක්ෂා කිරිමෙන් පසු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කර සිටියා.

ඒ අනුව රෝහලේ සිටියදීම බන්ධනාගාර නිලධාරින් යටතට පත්කරනු ලැබුවා.

ටිපර් රථයේ රියදුරාට අපරික්ෂාකාරිව රිය පැදවීම යන චෝදනාව එල්ලවී ඇති අතර බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් සුජීවන සිල්වා මහතා වෙත ඉදරිපත් කිරීමෙන් පසු ලබන 25 වනදාදක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.